අපි ගැන About Us
Numinda Shanthasiri

මම ජ්‍යොතිෂ ශාස්ත්‍රයට ආදරය කරන, මෙම විෂයට ගරුකරන, ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ උන්නතිය සහ පැවැත්ම වෙනුවෙන් කැප වී ක්‍රියාකරන අයෙක් මි.

මම සියල්ල දන්නා අයෙකු යයි සිතුවිල්ලෙන් ඉවත්ව තව තවත් මේ විෂය ගැන ඉගෙනීමට කරුණු ඉගෙනීම වෙනුවෙන් කාලය කැප කරමින් සිටින්නෙක්මි.

එමෙන්ම මම ඉගෙනගත් ජ්‍යොතිෂ විෂය කරුනු සම්බන්ධව පර්යේෂණ කටයුතුවල නියැලෙමින් මෙම විෂයේ ප්‍රායෝගිකත්වය ගවේශණය කරන්නා වූ අයෙක් ද, වන්නෙමි.

මීට අදාල වූ විෂය දැනුම දෙස් විදෙස් හී සිටින ගුරු ඇසුර ලබමින්, ඒ ගුරුවරුන්ගේ ගුරු උපදෙස් පිලිපදිමින්, එපමණක් නොව එම ගුරුවරුන්ගේ උපදේශයන් පරිදි ඊට අදාල වූ පැරණි මූල ග්‍රන්ථයන් පරිශීලණයකර දෛනිකව දැනුම පෝෂණය කර ගැනීමට වෙහෙස මහන්සිවී ජ්‍යොතිෂ විෂය වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට යොමුවූ අයෙක් වන්නෙමි.

I am a person who loves astrology, respects this subject, and is dedicated to the advancement and survival of astrology.

I am someone who has abandoned the idea that I am a know-it-all and is dedicating my time to learning more about this subject.

I am also someone who is engaged in research on the astrology subject matter I have learned and is exploring the practicality of this subject.

I am someone who is dedicated to the subject of astrology by seeking knowledge related to this subject from teachers at home and abroad, following the advice of those teachers, and not only that, I am a person who is dedicated to working hard to nourish knowledge daily by consulting the ancient original texts related to it.

තවදුරටත්... More About Me...

කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් ප්‍රාථමික සහ උසස් අධ්‍යාපනය ජීව විද්‍යා අංශයෙන් හදාරා පාසල් අධ්‍යාපනය අවසන් කල මම ඉන් පසුව ඉලෙක්ට්‍රොනික විද්‍යාව සහ විදුලි කාර්මික ශිල්පය සම්බන්ධව විෂය බාහිර ක්‍රියාකාරකම් ලෙස හදාරා ඉන් උපාදිධරයෙකු වී ඒ ආශ්‍රිතව රැකියාවේ නියැලුන අතර 1994 වර්ෂයේ සිට වඩා ඇළුම්කල විෂයක් වූ ගුප්ත විද්‍යාව හා ජ්‍යොතීර් විද්‍යාව පිලිබඳ පොතපත පරීශීලනය කිරීම විනෝදාංශයක් කරගත්තෙමි.

මාගේ ජීවන ගමනත් සමග මෙම විෂයන් තුල තිබෙන ප්‍රායෝගික බව හඳුනාගත මම මෙම ගුප්ත විද්‍යාව සහ ජ්‍යොතිෂ ශාස්ත්‍රය විද්‍යාවක් සහ විෂයක් ලෙස හැදෑරීමට පෙළඹුනෙමි. 1995 වර්ෂයේ සිට දේශීය ගුරුවරු සහ පතපොත හැදෑරීම යටතේ ගුප්ත විද්‍යාව සහ ජ්‍යොතිෂ ශාස්ත්‍රය හැදෑරීමට පෙළඹුන මම 1999 වසරේ සිට ශ්‍රීලංකාවේ විවිධ ගුරුකුළ යටතේ ජ්‍යොතිෂය සහ ගුප්ත විද්‍යාවන් හැදෑරීමට පෙළඹුණ අතර 2001 වර්ෂයේ සිට දෙස් විදෙස් ගුරුකුල සහ ගුරුවරු මෙන්ම දෙස් විදෙස් පතපොත හැදෑරීමට යොමු වූ බව කිව යුතුව ඇත. ඉන් පසුව 2010 වසරේ සිට විවිධ ගුරුකුල යටතේ අධ්‍යනයකල ශාස්ත්‍රීය දැනුම ප්‍රායෝගිකව හා පර්යේෂණාත්මකව භාවිත කල යුතු ආකාරය ගැන හදාරමින් මෙම විෂය පථයට අදාල විදේශීය දැණුම සහ දේශිය පාරම්පරික දැනුම සම්බන්ධව ගවේශණයක නියැළුන අතර 2020 වසර වන මේවන විටද, මේ සම්බන්ධව පුළුල් ගවේශණයක යෙදෙමින් සිටිමි. ඒ අතර වේද ශාස්ත්‍රයත්, හින්දු දර්ශණයත්, බෞද්ධ දර්ශණයත් මෙම විෂය පථයට දක්වන සමානතා සහ අසමානතාද ගවේශණයට පෙළඹුණ මම එම දර්ශණයන් ප්‍රායෝගිකව හැදෑරීමට පෙළඹුණ අතර ඉතිහාසය තුල වැළලි ඇතී ශාස්ත්‍රීය දැනුම සොයා යෑමටද, විවධ ශාස්තෲවරුන් සහ ඒ අයගේ දර්ශණයන් හැදෑරීමටද, දැනට කාළය කැපකරමින් සිටිමි.

ශ්‍රී ලංකා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නැකත් කමිටුවේ සාමාජිකයෙකු ලෙසින් කටයුතු කරන මම යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යොතිෂය හා භූත විද්‍යාව සම්බන්ධව බාහිර කථිකාචාර්ය වරයෙකු සහ බාහිර දෙවන විභාග පරීක්ෂවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ජ්‍යොතිෂය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙසින් කටයුතු කර ඇත. දැනට අංක 71 ඒ, කැස්බෑව පාර, බොරලැස්ගමුව යන ලිපිනයේ ශ්‍රී ජයතු ලංකා ජ්‍යොතීර්විද්‍යා පර්යේෂණ ආයතනයේ අධිපති ලෙසින් කටයුතු කරමින් සිටිමි.

After completing my primary and higher education in Biology from Isipathana College, Colombo, I studied Electronics and Electrical Engineering as extracurricular activities, became a teacher and worked in that field. Since 1994, I have been reading books on occult science and astrology, which have become my favorite subjects.

Along with my life journey, I have tried to study occult science and astrology as a science and a subject. I have been studying occult sciences and astrology under local teachers and textbooks since 1995. I have been studying astrology and occult sciences under various teachers in Sri Lanka since 1999, and since 2001, I have been studying local and foreign schools and teachers as well as local and foreign textbooks.

After that, since 2010, I have been studying how to use the academic knowledge studied under various schools in a practical and experimental manner, and I have been engaged in research on foreign knowledge and local traditional knowledge related to this subject, and now, in 2020, I am also engaged in extensive research in this regard.

තවදුරටත්
0
වසරක පරිපූර්ණත්වය A year of perfection
0
සිසු පරපුර Student generation
0
සාර්ථක පරියේෂණ Successful test
0
ධනාත්මක ප්‍රතිචාර Positive feedback

ප්‍රශ්න සහ පිලිතුරු Questions & Answers

ජ්‍යොතිෂය යනු ග්‍රහ චලනයන් සහ තාරකා පිහිටීම් අධ්‍යයනය කර මානව ජීවිතයට ඒවායේ බලපෑම විග්‍රහ කරන පුරාණ විද්‍යාවකි. Astrology is an ancient science that studies the movements of planets and the positions of stars to interpret their influence on human life.

ඔව්, ඔබගේ උපන් දිනය, වේලාව සහ ස්ථානය මත පදනම්ව නිවැරදි ජන්ම පත්‍රයක් සකස් කළ හැක. Yes, an accurate birth chart can be prepared based on your date, time, and place of birth.

මීට-පෙර වෙනත් ග්‍රහලෝක තොරතුරු හෝ ඔබගේ ජීවිත සිදුවීම් මඟින් rectification ක්‍රම භාවිතා කළ හැක. Rectification methods can be used with other planetary information or key life events to determine your birth time.

කාලීන සිදුවීම් Latest News

ගෙබිම් ශාස්ත්‍රය හෙවත් වාස්තු විද්‍යාව පාඩම් අංක 02
10 Apr
Comments 0
කාලීන සිදුවීම්

ගෙබිම් ශාස්ත්‍රය හෙවත් වාස්තු විද්‍යාව පාඩම් අංක 02

ලිත් හෝඩිය
8 Apr
Comments 0
කාලීන සිදුවීම්

ලිත් හෝඩිය

රාශි දොලොස සම්බන්ධව මූල ග්‍රන්ථ ආදියේ මතය
8 Apr
Comments 0
කාලීන සිදුවීම්

රාශි දොලොස සම්බන්ධව මූල ග්‍රන්ථ ආදියේ මතය