පරණ අවුරුද්ද සඳහා ස්නානයට සහ හිස තෙල් ගෑමට නැකත

පරණ අවුරුද්ද සඳහා ස්නානයට සහ හිස තෙල් ගෑමට නැකත සාදන ශාස්ත්‍රීය පදනම කුමක් ද?
මෙවැනි චාරිත්‍රයකින් ජන සමාජයට අත්වන පරමාර්ථය කුමක් ද?

මෙවැනි චාරිත්‍රයකින් සමාජයට ඇති වැදගත් කම  ?

සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර අතරින් අපට හමුවන දෙවන චාරිත්‍රය වනුයේ පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්‍රය යි. මම මෙහිදි පළමුව කියා දෙන්නම් මේ පරණ අවුරුද්දට ස්නානය කිරිමේ චාරිත්‍රය අපට වැදගත් වනුයේ අයි දැයි යන පදනම.

අපට ආවේනික වූ සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර අතරින් පළමු චාරිත්‍රය වූයේ අභිනව චන්ද්‍ර වර්ෂය උදෙසා නව සඳ බැලීමේ චාරිත්‍රය යි.  එම චාරිත්‍රයේ මුඛ්‍ය අරමුණ වනුයේ විශ්ව ධර්මතාවයේ පවතින සෙනෙහස, දයාව, කරුණාව සහ ආදරය, අධ්‍යාත්මික ඔසුවක් ලෙසින්, චෛතසික ඔසුවක් ලෙසින්, නව සඳ බැලීම හරහා ඔබගේ මනසට අවශ්‍ය ප්‍රතිශක්තිකරණයක් ලෙසින් ලඟා කර දීම යි.

ඒමෙන්ම ඊලඟ චාරිත්‍රය වූ අභිනව සූර්ය වර්ෂය උදෙසා නව සඳ බැලීමේ මුඛ්‍ය අරමුණ වනුයේ විශ්ව ධර්මතාවයේ පවතින සෙනෙහස, දයාව, කරුණාව සහ ආදරය, අධ්‍යාත්මික ඔසුවක් ලෙසින්, චෛතසික ඔසුවක් ලෙසින්, නව සඳ බැලීම හරහා රවි නිවේනය කරන ඔබගේ ආත්මයට අවශ්‍ය ආත්මීය ප්‍රතිශක්තිකරණය ලඟා කර දීම යි.

දැන් මෙම නව සඳ බැලීමේ චාරිත්‍ර දෙක හරහා සඳුගේ නිවේදක්වය උසුලන ඔබේ මනසටත්, ඒමෙන්ම රවිගේ නිවේදකත්වය උසුන ඔබේ ආත්මයටත් ස්වභාවධර්මයෙන්ම උරුම විය හැකි  ඕනෑම පීඩන කාරී තත්වයකට මුහුණ දීමට හැකි ප්‍රතිශක්තියක් ඔබේ මනස හා ආත්මය වෙත අධ්‍යාත්මික ඔසුවක් ලෙසින්, චෛතසික ඔසුවක් ලෙසින් ලඟාකර ගත හැකි බව ඔබට ඉතා හොඳින් වැටහෙනු ඇත.

දැන් අප යොමු වී බැලිය යුතු වනුයේ පරණ අවුරුද්දට ස්නානය කිරීමේ චාරිත්‍රයේ සහ අළුත් අවුරුද්දට හිසතෙල් ගා ස්නානය කිරීමේ චාරිත්‍රයේ ඇති මුඛ්‍ය පරමාර්ථය කුමක් විය හැකි ද? යන්න ය. සත්‍යවශයෙන්ම මෙම චාරිත්‍ර දෙකේ වටිනාකම වනුයේ නව සඳ බැලීමෙන් මනසටත්, ආත්මයටත් ප්‍රතිශක්තියක් ලඟා කර ගත් ඔබට මෙම චාරිත්‍රය හරහා ආයුර්වේදීය වශයෙන් ඔබගේ මනස හා ආත්මය රැගෙන යන කරජකාය හෙවත් භෞතික ශරීරයට අත්‍යාවශ්‍ය වූ ආයුර්වේදීය ප්‍රතිශක්තියක් උරුම කර දීම ය. නිවැරදි ලෙස ශාස්ත්‍රීය පදනමකින් සෘෂි නියමයන් පිලිපදිමින් මෙම පරණ අවුරුද්දට ස්නානය කිරීමේ චාරිත්‍රය සහ අළුත් අවුරුද්දට හිසතෙල් ගා ස්නානය කිරීමේ චාරිත්‍රය ඔබ ඉටු කරගන්නේ නම් සත්‍ය ලෙසම ආදරය, සෙනෙහස, දයාව, කරුණාව සපිරි නීරෝගීමත් කායික ශක්තියකින් යුක්ත නව වසරක් ඔබට උරුමකර ගැනීමේ භාග්‍යය උදාවනු ඇත.

දැන් අප යොමු වී බැලිය යුතු වනුයේ පරණ අවුරුද්දට ස්නානය කිරීමේ චාරිත්‍රයට සහ අළුත් අවුරුද්දට හිසතෙල් ගා ස්නානය කිරීමේ චාරිත්‍රයට අදාලව දී ඇති සෘෂි නියමයන් මොනවාද ? යන්න ය.  ගහකට අවශ්‍ය පෝෂණය සපයනුයේ ගහක ඇති මුදුන් මුල පිරිවරා ගත් මූල පද්ධතිය හරහාය. ඒ් නිසා අප ගහක පෝෂණයට අවශ්‍ය පොහොර සහ වතුර යොදනුයේ ගහේ මූ‍ල පද්ධතියට ය. නමුත් මනුෂ්‍යය ශරීරයේ පෝෂණය උදෙසා අවශ්‍ය පොහොර හා ජලය යෙදිය යුතු වනුයේ මිනිස් හිසට ය. මේ නිසා මිනිස් ශරීරයේ නිරෝගී පෝෂණය උදෙසා අවශ්‍ය ප්‍රතිකාර නම් වූ  පොහොර යෙදිය යුතු වනුයේ මිනිස් සිරුරේ සියලු පාලණයන් අත්පත් කරගෙන සිටින මිනිස් ශරීරයේ මුදුන් මුල සහ මූල පද්ධතිය වූ මොලය පිහිටි හිසට ය. ඒ අනුව හිසට ආලේප කල යුතු ආයුර්වේද ප්‍රතිකාරයන් සෘෂි නියමන්ට අදාලව  හිස ගල්වා ස්නානය කිරීම සඳහා යොමුකරවනුයේ මේ පදනම පෙරදැරි කරගෙන ය. අපගේ සිංහල ආයුර්වේදයේ වම් ඇහැට අවශ්‍ය ප්‍රතිකාරය දක්ෂ ආයුර්වේද වෛද්‍යවරුන් කරනුයේ දකුනු පයේ මහපට ඇඟිල්ලටය. ඒ් ආයුර්වේද නියමයන් ය. මේ නිසා මේ චාරිත්‍රයේදී හිසට මෙන්ම පයටද ආයුර්වේද ප්‍රතිකාරයන් කරනු ඇත. ඔවුන් ඒම ප්‍රතිකාර ක්‍රම වේදයන් කරනුයේ තත්කාලීන දින හෝරා ආදිය නිවැරදිව යොදා ගෙන ය. ඒ් නිසා මෙම හිසතෙල් ගල්වා ස්නානය කිරීමේ චාරිත්‍රය නිරෝගී කාය ශක්තියක් පවත්වාගෙන යාම සඳහා නව වසරේ කරන ප්‍රතිශක්තිකරණයක් බව දැන් ඔබට තේරුම් යනවා ඇත.

සෘෂි නියමයන් පරිදි සතියේ දින තුල ඉස දිය නෑමේ සුභ අශුභ තත්වයන් මෙසේ දක්වා ඇත.

සතියේ දිනය               ස්නානය කිරීම නිසා අත්වන ප්‍රතිඵලය             හිසට තැබිය යුතු ඖෂධ ගුණය ඇති ශාක පත්‍රය

ඉරිදා                         රූපය අඩුවී යනු ඇත                                    ඉඹුල් ශෘක පත්‍ර

සඳුදා                         ශරීරයට නිරෝගී ගුණ ඇතිවේ                       දිවුල් ශාක පත්‍ර

අඟහරුවාදා                ශරීරය රෝගී වේ                                         කොළොන් ශාක පත්‍ර

බදාදා                        ශරීර වර්ධණයට අදාල ධන ධාන්‍ය ලැබේ          කොහොඹ ශාක පත්‍ර

බ්‍රහස්පතින්දා              ශරීර සෞඛ්‍යට අදාලව කලහ ඇතිවේ              බෝ ශාක පත්‍ර

සිකුරාදා                     දූ දරුවන් රෝගී වේ                                     කරඳ ශාක පත්‍ර

සෙනසුරාදා                ශරීරයට ගුණ ඇතිවේ                                   නුග ශාක පත්‍ර

*** මෙහිදි දත යුතු ප්‍රධාන කරුණ වනුයේ හිස තෙල් ගා ස්නානය කිරීමට සුදුසු යයි අනුමත කර ඇති සතියේ දින පවතිනුයේ තුන කි. ඒ්වා පිළිවෙලින්
01 සඳුදා
02 බදාදා සහ

03 සෙනසුරාදා  යන දින තුනයි.

ඉතිරි දින 04 ම ඒනම් (ඉරිදා, අඟහරුවාදා, බුහස්පතින්දා සහ සිකුරාදා දිය නෑම සඳහා සුදුසු යයි ආයුර්වේදයේ අනුමත කර නැත.)

හිස තෙල් ගැල්වීම උදෙසා අනුමත කර ඇති තෙල් වර්ග
*** ඒමෙන්ම හිස තෙල් ගැල්වීම උදෙසා යොදා ගත යුතු වනුයේ පස් තෙල් ය. මෙහිදී පස්තෙල් යනු

01 අබ තෙල්              02 තල තෙල්             03 එඬෙරු තෙල්         04 මී තෙල්                05 කොහොඹ තෙල්

යන තෙල් වර්ග පහ වනු ඇත. මෙම තෙල් වර්ග පහ සමව ගෙන කලවම් කර සාදා ගන්නා තෙල් පස්තෙල් වනු ඇත.

හිස තෙල් ගෑමට අදාලව නානු සාදා ගන්නා ආකාරය

*** නානු සාදා ගැනීමට වර්ග 14 ක් සමව ගත යුතුව ඇත. ඒම වර්ග 14 පිළිවෙලින්

01 කළාඳුරු අල          02 කුංමප්පු                 03 සුදු හඳුන්               04 විශ්ණු ක්‍රාන්ති         05 ගොරෝචන

06 සස්සඳ මුල්            07 ඉරිවේරිය              08 නස්නාරන් මුල්       09 සැවැන්දරා මුල්       10 නෙලුම් දඬු

11 ගොඩ මානෙල් අල  12 බෙලි මුල්              13 වෙනිවැල්ගැට        14 ඊ තණ

යන මෙම ද්‍රව්‍ය 14 සමව ගෙන, ස්නානය කිරීමට තෝරා ගත් දිනයට අදාල ශාක පත්‍රද ‌ගෙන ඒ්වා හොඳින් කොටා නැවුම් මුට්ටියකට දමා පත අට දෙකට සිඳවා ඊට දෙහි යුෂ ද, ඒකතු කර ඒම සඳ ගත් දියරය පිරිසිදු රෙද්දකින් හොඳින් පෙරා වෙන්කර ගන්න. මෙම දියරය නානු වන අතර මෙම නානු හිස ගැල්වීමට පස් තෙල් සමග යොදා ගත යුතු ය.

ස්නානය සඳහා අනුමත කර ඇති නැකත් සහ තිථි

*** ස්නානය සඳහා අනුමත කර ඇති නැකත්

01 අස්විද                   02 රෙහෙණ               03 මුවසිරස                04 අනුර                    05 හත

06 සා                        07 දෙට                     08 දෙනට                  09 උත්‍රපල්                 10 උත්‍රසල

11 උත්‍රපුටුප

 

*** අනුමත කර ඇති තිථි පුර හෝ අව

01 දියවක                  02 තියවක                 03 විසේනිය               04 සතවක                 05 දසවක

06 ඒකොළොස්වක     07 තෙළෙස්වක

*** ස්නානය උදෙසා අදාල දිනයට උචිත ශාක පත්‍ර භාවිත කරන ආකාරය

එ දිනයට අදාල ශාක පත්‍රය හිසට ද,

ඊට පෙර දිනයට අදාල ශාක පත්‍රය පයට ද තබා ස්නානය කිරීම යෝග්‍යය බව අනුමත කර ඇත.

තෝරා ගත් දිනය         හිසට තබන ශාක පත්‍රය                 පයට තබන ශාක පත්‍රය

සඳුදා                         දිවුල් පත්                                   ඉඹුල් පත්

බදාදා                        කොහොඹ පත්                            කොළොන් පත්

සෙනසුරාදා                නුග පත්                                     කරඳ පත්

 

*** දිනයට අදාල වර්ණය තෝරා ගන්නා ආකාරය

තෝරා ගත් දිනය         අඳින ඇඳුමේ වර්ණය

ඉරිදා                         තඹ පැහැති වර්ණය

සඳුදා                         මුතු පැහැයට හුරු සුදු වර්ණය

අඟහරුවාදා                රතු පැහැති වර්ණය

බදාදා                        කොළ පැහැති වර්ණය

බ්‍රහස්පතින්දා              රන්වන් පැහැයට හුරු කහ වර්ණය

සිකුරාදා                     විචිත්‍ර වර්ණයන්

සෙනසුරාදා                කළු හෝ නිල් වර්ණය

*** ඉෂ්ඨ දේවතානුස්මරණයට ස්වකීය ඉෂ්ඨ දේවතාව කවුදැයි සොයා ගන්නා ආකාරය
ස්වකීය ජන්ම පත්‍රයේ රාහු, කේතු, යුරේනස්, නැප්චූන් සහ ප්ලූටෝ යන ග්‍රහයන් හැරුණ විට ඉතිරි ග්‍රහයන් හත්දෙනා වූ රවි, සඳු, කුජ, බුද, ගුරු. සිකුරු සහ සෙනසුරු යන ග්‍රහයන් හත්දෙනා අතරින් වැඩිම අංශක ගණනක් ගමන් කල ආත්ම කාරක ග්‍රහයා සොයා ගන්න. එම ආත්මකාරක ග්‍රහයා නවාංශක කේන්දරයේ ස්ථාන ගත වී ඇති ස්ථානය සොයා ගන්න.

01 නවාංශකයේ එම ස්ථානයෙන් දොළොස්වැන්නේ සිටි ග්‍රහයා නිවේදනය කරන දේවතාවා ස්වකීය ජන්ම පත්‍රයේ ඉෂ්ඨ දේවතාවා වනු ඇත.

02 නවාංශකයේ එම දොළොස්වැන්නේ ග්‍රහයන් කිහිප දෙනෙකු සිටියේ නම් එම ග්‍රහයන්ගේ ෂඩ් බලය පරීක්ෂාකර බලා ෂඩ් බලයෙන් බලවත්ම

ග්‍රහයා නිවේදනය කරන දේවතාවා ස්වකීය ජන්ම පත්‍රයේ ඉෂ්ඨ දේවතාවා වනු ඇත.

03 නවාංශකයේ එම දොළොස්වැන්නේ ග්‍රහයෙකු නොසිටියේ නම් එකී දොළොස්වැන්න දකින ග්‍රහයා ස්වකීය ජන්ම පත්‍රයේ ඉෂ්ඨ දේවතාවා වනු

ඇත.

04 නවාංශකයේ එම දොළොස්වැන්නේ ග්‍රහයෙකු නොසිටියේ නම් එහෙත් එකී දොළොස්වැන්න දකින ග්‍රහයන් කිහිප දෙනෙකු සිටියේ නම් එම

දකින ග්‍රහයන්ගේ ෂඩ් බලය පරීක්ෂාකර බලා ෂඩ් බලයෙන් බලවත්ම ග්‍රහයා නිවේදනය කරන දේවතාවා ස්වකීය ජන්ම පත්‍රයේ ඉෂ්ඨ

දේවතාවා වනු ඇත.

05 නවාංශකයේ එම දොළොස්වැන්නේ ග්‍රහයෙකු නොසිටියේ නම්, ඒ් වාගේම දොළොස්වැන්න දකින ග්‍රහයෙකුද නොසිටියේ නම් එම

දොළොස්වන භාවයට අධිපති ග්‍රහයා නිවේදනය කරන දේවතාවා ස්වකීය ජන්ම පත්‍රයේ ඉෂ්ඨ දේවතාවා වනු ඇත.

එමෙන්ම එම ග්‍රහයා

රවි නම් ඉෂ්ඨ දේවතාවා ලෙස විෂ්ණු / රාම / ශිව යන දෙවියන් වන්දනා කර යුතුව ඇත.

සඳු නම් ඉෂ්ඨ දේවතාවා ලෙස ක්‍රිෂ්ණා / ශිව/ පාර්වතී යන දෙවියන් වන්දනා කර යුතුව ඇත.

කුජ නම් ඉෂ්ඨ දේවතාවා ලෙස කතරගම / හනුමාන් / නරසිම්හ යන දෙවියන් වන්දනා කර යුතුව ඇත.

බුද නම් ඉෂ්ඨ දේවතාවා ලෙස විෂ්ණු යන දෙවියන් වන්දනා කර යුතුව ඇත.

ගුරු නම් ඉෂ්ඨ දේවතාවා ලෙස විශ්ණු / ශ්‍රි වාමන / ධකාත්‍රිය / සායිබාබා යන දෙවියන් වන්දනා කර යුතුව ඇත.

සිකුරු නම් ඉෂ්ඨ දේවතාවා ලෙස මහා ලක්ෂ්මී/ මතා ගෞරී / පරශුරාම යන දෙවියන් වන්දනා කර යුතුව ඇත.

සෙනසුරු නම් ඉෂ්ඨ දේවතාවා ලෙස හනුමාන් / කූර්ම / ශිව / විශ්නු යන දෙවියන් වන්දනා කර යුතුව ඇත.

රාහු නම් ඉෂ්ඨ දේවතාවා ලෙස දුර්ගා මාතාව / වරහා යන දෙවියන් වන්දනා කර යුතුව ඇත.

කේතු නම් ඉෂ්ඨ දේවතාවා ලෙස ගණේෂ / මතස්‍ය යන දෙවියන් වන්දනා කර යුතුව ඇත.

දැන් අප උදාහරණයක් ලෙසින් 2020 වර්ෂය උදෙසා පරණ අවුරුද්දට ස්නානය කිරීමේ චාරිත්‍රය උදෙසා දිනය සකසා ගත් ආකාරය අධ්‍යනය කර බලමු.

මෙම 2020 වර්ෂයේ සිංහල අළුත් අවුරුදු උදාව හෙවත් සුර්යාගේ මේෂ සංක්‍රාන්තිය සිදුවනුයේ 2020-04-13 වන සඳු දින නිසා පරණ අවුරුද්දට ස්නානය කිරීම සඳහා ආසන්නතම සුදුසු දිනය වනුයේ ශරීරයට ගුණ ඇතිකරවන 2020-04-11 වන සෙනසුරාදා දවස වනු ඇත. එදිනට පවතින අනුර නැකත සහ බක් අව ජලවක තිථිය ස්නානය සඳහා අනුමත නොවුන ද, සංක්‍රාන්තියට ආසන්නතම ගැලපෙන දිනය සෙනසුරාදා නිසා මෙම සෙනසුරාදා දිනය තෝරාගෙන ඇත. මෙම දවස සෙනසුරාදා නිසා සෙනසුරාදාට නියමිත ගාක පත්‍රයන් වූ නුග කොල හිසට ද, ඊට පෙර දිනය වූ සිකුරාදාට හිමි කරඳ පත්‍ර පයට තබා ඉෂ්ඨ දේවතා අනුස්මරණය කරමින් පරණ අවුරුද්ද උදෙසා ස්නානය මැනවි යයි සඳහන් කර ඇති බව ඔබට 2020 පංචාංග ලිතේ පිටු අංක 45 න් බලා ගත හැකි වනු ඇත.

දැන් අප උදාහරණයක් ලෙසින් 2020 වර්ෂය උදෙසා අළුත් අවුරුද්දට හිසතෙල් ගා ස්නානය කිරීමේ චාරිත්‍රය උදෙසා දිනය සකසා ගත් ආකාරය අධ්‍යනය කර බලමු.

මෙම 2020 වර්ෂයේ සිංහල අළුත් අවුරුදු උදාව හෙවත් සුර්යාගේ මේෂ සංක්‍රාන්තිය සිදුවනුයේ 2020-04-13 වන සඳු දින නිසා අළුත් අවුරුද්ද උදෙසා හිසතෙල් ගා ස්නානය කිරීම සඳහා ආසන්නතම සුදුසු දිනය වනුයේ ශරීර වර්ධණයට අදාල ධන ලැබිය හැකි 2020-04-15 බදාදා දිනය වනු ඇත. මෙදිනට අදාලව දිය නෑමට අනුමත බදාදා දවස සමග දිය නෑමට අනුමත උත්‍රසල නැකත ද පවතින නිසා තිථියේ යම් නොගැලපීමක් තිබුණද අනෙක් සුදුසු කම් පවතින නිසා මෙම 2020-04-15 බදාදා දිනය හිසතෙල් ගා ස්නානයට සුදුසු දිනයක් ලෙස අනුමත කර ඇත. ඒමෙන්ම මෙම බදාදා දිනයට අනුමත වර්ණය කොළ පැහැය නිසා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, බදාදාට නියමිත කොහොඹ පත් හිසට තබා ඊට පෙර දිනය වූ අඟහරුවාදාට හිමි කොළොන් පත් පයට තබා නානු මිශ්‍ර හිසතෙල් ගල්වා ඉෂ්ඨදේවතා අනුස්මරණය කරමින් මෙදින පූර්වභාග 09.17 ට නැගෙනහිර දිශාව බලා අළුත් අවුරුද්ද උදෙසා ස්නානය මැන වී යයි  සඳහන් කර ඇති බව ඔබට 2020 පංචාංග ලිතේ පිටු අංක 45 න් බලා ගත හැකි වනු ඇත.

~ ජ්‍යොතීර්වේදී නුමින්ද ශාන්තසිරි ද සිල්වා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>