වක්කඩ ලඟ ගීතය තුල සැඟව ඇති ජ්‍යෙතිෂ සිද්ධාන්තයන් සොබා දහම තුල පිලිඹිඹු වන ආකාරය

වක්කඩ ලඟ දිය වැටෙන තාලයට,තිත්ත පැටව් උඩ පැන නැටුවා ….වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාකුලෙන් විදුලිය කෙටුවා ….කිව්වට වස් නැත, නිල් නිල් පාටින්, කටරොළු මල් වැට වට කෙරුවා ….තුන් දවසක් අමනාපෙන් සිටි කළු,නොක්කාඩු බැල්මෙන් බැළුවා …..
“ගල මතුපිට මල පිපෙන්න,මල වට බඹරිඳු නටන්න,වැහිවැහැලා ගඟ පිරෙන්න,ගඟ උතුරා හිත පිරෙන්න…”
ගලා හැලෙන වැහි වතුර වගේ නුඹහිනාවෙයන් කළු හිනාවෙයන්වෙලා මගේ හිත ඉනාවකින් තවහිනාවෙයන් කළු හිනාවෙයන්……
ගායනය – පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවතනුව- පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවපද රචනය- මහගමසේකරනව සංගීත අධ්‍යක්ෂණය- ස්ටැන්ලි පීරිස්
මේ ගීතයේ පද රචනය කරලා තියෙන්නේ මහගම සේකර
තනුව නිර්මාණය කරලා තියෙන්නේ අමරදේව මහතාමේ ගීතයේ ජ්‍යොතිෂයට සම්බන්ධ විශ්ව ධර්මතාවයන් මුල් කරගත් පරම සත්‍යතාවයක් තියෙනවා.

කට්ටියත් එක්කම හොයලා රස විඳින්න. මේ ගීතය තුල ජ්‍යොතිෂයට අදාල සිද්ධාන්තයන් සෙබාදහමේ පරම සත්‍යයන් ලෙසින් ගොඩනැගුණු ආකාරය පාඩමක් ලෙසින් ඉගෙන ගන්න.
“වක්කඩ ලඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා,,
මෙම පද පේලීයේ වක්කඩ කියන්නේ වතුර හරස් කරලා බෙදා යවන තැනක්හැබැයි මේ වක්කඩ උපමා කරලා තියෙන්නේ “ස්ත්‍රියකගේ යෝනි පිවිසුමකට,,
එතැනට ජල තත්වය නිවේදනය කරන සිකුරු ග්‍රහ දේවතාවා ශුක්‍ර තරළයක් ගලා එවන සැටි
“දිය වැටෙන තාලයට,,
යනුවෙන් අර්ථ ගන්වා තියෙනවා,
“තිත්ත පැටව්,, කියන්නේ ශුක්‍ර තරලයේ තියෙන ශුක්‍රාණු වලට
ඒ අනුව ශුක්‍ර තරලය තුල ශුක්‍රාණු පීනා යන ආකාරය
“තිත්ත පැටව් උඩ පැන නැටුවා,, යන්නෙන් අර්ථ ගැන්වී තියෙනවා
මෙහි ව්‍යාංගාර්ථය වනුයේ ගිනි ග්‍රහ තත්වයක් නිවේදනය කරන රාග ගින්න පෙරදැරි කරගත් රවි නියෝජනය කරන පියාගේ එම රාග ගින්න මව නිවේදනය කරන ජල ග්‍රහ තත්වයක් හිමි සඳු නිවා දැමීමමට සැරසෙන ආකාරය යි.
“වැස්ස වහින්නට ඉස්සර අහසේවළාකුලෙන් විදුලිය කෙටුවා,,
“වැස්ස වහින්නට ඉස්සර අහසේ,, යනුවෙන් අර්ථ ගන්වා ඇත්තේ රාග ගින්න පෙරදැරිගත් පියා, රාග ගින්න නිවීමට සැරසෙන මවගේ යෝනියට ශුක්‍ර තරලය මුදා හැරීමට පෙර යම් සිදුවීමක් සිදුවන බව යි.
“වළාකුලෙන් විදුලිය කෙටුවා,, යනුවෙන් අර්ථ ගන්වා ඇත්තේ වළාකුලෙන් විදුලිය කොටනුයේ ආකාශය තුල ය. ආකාශ තත්වය නිවේදනය කරනුයේ ගුරු ග්‍රහ දේවතාවාය. ගුරු පුත්‍ර කාරක ග්‍රහයා ය. පුත්‍ර කාරකත්වය බිහිවනුයේ ආකාශ තත්වය හෙවත් දරාගැනීමේ අවකාශය පෙන්වන ගර්භාෂය තුල ය. “වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාකුලෙන් විදුලිය කෙටුවා,, යන්නෙන් අර්ථ ගැන්වෙනුයේ රාග ගින්න පෙරදැරිකරගත් පියා, රාග ගින්න නිවීමට සැරසෙන මවගේ යෝනියට ශුක්‍ර තරලය මුදා හැරීමට පෙර ගර්භාෂය තුල විදුලියක් කෙටුව බව ය. එයින් අර්ථ ගැන්වුනේ ගර්භාෂය තුල මාස්ශුද්ධියක් සිදුවී ඇති බව ය. මේ මාස් ශුද්ධි ක්‍රියාවලියට කාරක වනුයේ සඳු සහ කුජ යන ග්‍රහ දේවතාවන් දෙදෙනාය. දැන් සියළුම දෙනා අවබෝධකර ගත යුතු සොබා දහම තුල පවතින පරම සත්‍යතාවයක් මෙතැන දී තේරුම් ගත යුතු වෙනවා. වැස්ස වහින්නට පෙර අකුණු කොටන්නේ ඇයි කියලා හිතන්න. ඇළ, දොළ, ගංගා සහ මුහුදු ආදියේ ජලය සූර්ය රශ්මිය නිසා වාශ්පිකරණය වී ජල අංශු ලෙසින් වායු ගෝලයට එක් වී, වායු ගෝලයේ පවතින දූවිලි අංශු හා එක් වී ඝනීභවනය වී වලා කුලක් සෑදී එම වලාකුල වායුගෝලයේ ඇති වායු ස්ථර අතරින් සුළඟ සමග ඇදී යද්දී ඇතිවන ධණ ආරෝපිත වූ ධාරාවක් ෂෘණ ආරොපිත පෘතුවි තලයට අකුණක් ලෙසින් පතිත වනවා. මෙම අකුණ සමග ආ වැස්සත් එක්කම වැහි වතුර අකුණ සමග එක්වී නැවතත් පෘතුවි තලයට ජීවය පැවැත්වීමට අත්‍යවශ්‍යවු ආම්ලික තත්වය නිර්මාණය කර දෙන වා. ඒ ආකාරයටම ස්ත්‍රියකගේ ගර්භාෂය තුල ද මාස් ශුද්ධිය නම්වූ අකුණක් ක්‍රියාත්මක වී ගර්භාෂය තුල ශුක්‍ර කරලයක් වැස්සක් සේ වැටෙන විට ඒ තුල දරු ගැබක් හෙවත් තවත් ජීවයක් නිර්මාණය කිරීමට අවශ්‍ය වූ ආම්ලික පසු බිමක් ගර්භාෂය තුල නිර්මාණය කර දෙනවා. එසේ නම් ඔබ සෑම දෙනා තේරුම් ගත යුතු වනුයේ “වැස්ස වහින්ට ඉස්සර අහසේ වලාකුළෙන් විදුලිය කෙටුවා,, සහ
ගර්භාෂය තුලට ශුක්‍ර තරලයක් වැටෙන්නට පෙර වැස්සක් වැටෙන්නට පෙර අකුණක් කෙටුවා හා සමාන ලෙස ගර්භාෂය තුල මාස් ශුද්ධියක් ක්‍රියාත්මක වී
සිදු වනුයේ දරුවෙක් බිහි කිරීමට අවශ්‍යය පෝෂ්‍ය පසුබිම ගර්භාෂය තුල නිර්මාණයකර වීම ය.
“කිව්වට වස් නැත, නිල් නිල් පාටින් , කටරොළු මල් වැට වට කෙරුවා…,,
මෙයින් අර්ථ ගැන්වෙනුයේ ප්‍රකාශ කලාට වස් වදින්නේ නැතිළු නිල් නිල් පාටින් තිබෙන කටරොළු මල් වැට වට කරගෙන ඉන්නවාළු කවුදෝ මන්දා කෙනෙක් ?

මේ නිල් කටරොළු මල උපමා කරලා තියෙන්නේ ව්‍යංගයෙන් රාගික ස්ත්‍රියකගේ යෝනි පිවිසුමකට බව ඉන් කියවෙනවා.
ඔබ සෙබාදහම තුල දකින්න පුළුවන් නිල් කටරොළු මලක් හොඳින් නීරීක්ෂණය කරන්න.
එම උපමාව ඔබට නිල් කටරොළු මල තුලින් දර්ශණය කර ගත හැකි වනු ඇත. මේ නිල් කටරොළු මල විශ්ණු පූජාවට ගන්නා පුෂ්පයක්. විශ්ණු දේව මණ්ඩලය තුල ගුණ තුනක් පවතින බව ඔබ පරාශරයේ 18 වන ශ්ලෝකයෙන් පැවසූවා මතක ඇතැයි සිතමි. ඒ විශ්ණුගේ ශ්‍රී ශක්තිය, විශ්ණුගේ භූ ශක්තිය සහ වීශ්ණුගේ නීල ශක්තිය යි. මේ ගීතයට හොඳින් සවන් දෙන ඔබට මේ ගීතය තුල එකිනෙකට වෙනස් වූ රිද්ම තාල තුනක් ශ්‍රවණය කල හැකි වනු ඇත. ඒ තාල තුන, තුල ව්‍යංගයෙන් අන්තර් ගතව පවතිනුයේ මේ විශ්ණුගේ ශක්ති තුන බව ඔබ තේරුම්ගත යුතු ය. ඒ ශක්ති තුන පිළිවෙලින් විශ්ණුගේ ශ්‍රී ශක්තිය නිවේදනය කරන රජස් ගුණය ද, විශ්ණුගේ භූ ශක්තිය නිවේදනය කරන තමස් ගුණය සහ විශ්ණුගේ නීල ශක්තිය නිවේදනය කරන සාත්වික ගුණය යන ගුණ තුන යි. උත්පාදනය හෙවත් අල්ලා ගන්නා රජස් ගුණය හෙවත් ශ්‍රී ශක්තිය මේ නිල් කටරොළු මලේ පවතිනවා. ඒ නිසා තමයි මේ නිල් කටරොළු මල රාගික වූ ස්ත්‍රී යෝනි පිවිසුමක අනුරුවට සමානවී ඇත්තේ.

“තුන් දවසක් අමනාපෙන් සිටි කළු, නොක්කාඩු බැල්මෙන් බැලුවා…,,
මෙම පද පේලීයේ ව්‍යාංගාර්තය වී ඇත්තේ මාස් ශුද්ධිය ඇති වුනාම ආසන්න වශයෙන් දවස් තුනක් විතර යනවා නැවත පිරිසිදු බවට පත් වීම ට. මාස් ශුද්ධියට සඳුගේ බලපෑම පවතිනවා. සඳුට රාශි වලල්ලේ එක් වටයක් යාමට ආසන්න වශයෙන් දින 28 හෝ දින 29 ක් යනවා. ඒ නිසා තමයි ස්ත්‍රියකට දින 28 කට වරක් මාස් ශුද්ධි චක්‍රය ක්‍රියාත්මක වනුයේ. එමෙන්ම සඳුට එක රාශියක් යාමට ආසන්න වශයෙන් දින දෙකහමාරක් යනවා. ඒ නිසා තමයි. මාස් ශුද්ධියක් වුනාම නැවත පිරිසිදු වෙන්න දින තුනක් යන්නේ.
මේ නිසා මේ ගීතයේ අර්ථ ගැන්වෙනවා දින තුනක් අමනාපෙන් සිටි “කළු,, නොක්කාඩු බැල්මෙන් බැළුවා කියලා.
මෙතන “කළු,, කියන්නේ ස්ත්‍රී ලලනාවකගේ නමක් නොවන අතර “කළු,, යන වචනයෙන් අර්ථ ගන්වා ඇත්තේ “කෙලෙස්,, හෙවත් “රාගය,, යන්න යි. මෙහි කළු හෙවත් කෙලෙස් හෙවත් රාගය නිවේදනය වනුයේ සිකුරු ග්‍රහ දේවතාවාගෙනි.
මේ නිසා මේ පද පේලියේ ව්‍යංගාර්ථය වී ඇත්තේ කෙලෙස් හෙවත් රාගය නැමැති මෙම කළු නාමයෙන් හැඳින්වෙන පුද්ගලයා නොක්කාඩු බැල්මකින් බලාගෙන හිටියාළු මේ මාස් ශුද්ධිය සිදුවි පවතින දින තුන තුල තම සිතැඟි ඉටු කරගැනීමට අපහසුවෙන්.
ඒ අනුව අප තේරුම් ගත යුතුව ඇත්තේ කෙලෙස් හෙවත් රාගයෙන් මත් වුණ සිකුරු මාස් ශුද්ධිය ක්‍රියාත්මක වූ මෙම දින තුන තුල ඒ සිදුවීම දිහා නොක්කාඩු බැලිමකින් සිටි බවය. ඒ වෙනත් දෙයක් නිසා නොව සිකුරුට තම සිතැඟි ඉටුකර ගැනීමට මාස් ශුද්ධිය පවතින දින තුන බාධාවක් වී ඇති බැවිනි.
මෙම මුල් පද පේලි කිහිපය පළමු රිද්මයෙන් ගැයෙනවා.
#වක්කඩ ලඟ දිය වැටෙන තාලයට ,තිත්ත පැටව් උඩ පැන නැටුවා…වැස්ස වහින්නට ඉස්සර අහසේ,වළාකුලෙන් විදුලිය කෙටුවා…කිව්වට වස් නැත, නිල් නිල් පාටින් , කටරොළු මල් වැට වට කෙරුවා…තුන් දවසක් අමනාපෙන් සිටි කළු,නොක්කාඩු බැල්මෙන් බැලුවා….

නමුත් ඊට වඩා වෙනත් රිද්මයකින් තමයි මෙම දෙවන පද පේලී කිහිපය ගැයෙන්නේ
“ගල මතුපිට මල පිපෙන්න,මල වට බඹරිඳු නටන්න,වැහි වැහැලා ගඟ පිරෙන්න,ගඟ උතුරා හිත පිරෙන්න…”
“ගල මතුපිට මල පිපෙන්න, මල වට බඹරිඳු නටන්න,,
මෙම පද පේලියේ ව්‍යංගාර්ථය වී ඇත්තේ “ගල මතුපිට මල පිපෙන්න,, කෙලෙස් හෙවත් රාගය තුල පවතිනුයේ දැඩි බවක්, මෙම දැඩි බව “ගල මතුපිට,, යන්නෙන් නිවේදනය වන අතර මෙම පඨවි හෙවත් තද ගතිය පෙන්වනුයේ බුද ග්‍රහ දේවතාවාගෙන්.
මේ නිසා ඇතිවන දැඩි බව නිසා තමයි අපි රාගයට හෙවත් කෙලෙස් වලට දැඩි ලෙසින් ඇලෙන්නේ. මේ ආකාරයෙන් දැඩි ලෙසින් කෙලෙස්වලට ඇලෙන්නේ අප බලන නිර්මාණ තුලින්, එසේත් නැතිනම් නෙත ගැටෙන දෙයක් තුලින්, රාගයේදී නෙත ගැටෙන දෙවල් අපට මේ විදියට දකින්න පුළුවන් (ලස්සන බව, සුකොමල බව, සුන්දර වදන් ලියූ හසුන්), මේ නෙත ගැටෙන දේට වාගේම අපට ඇහෙන දේටත් තදින් ඇලෙන්න පුළුවන්. එලෙස ඇසෙන දේවල් කිහිපයක් අපට මෙලෙස දැක්විය හැකි ය. (මිහිරි ගී පද පේලී, හිහිරි කවි, සුන්දර පෙම් වදන්, හැඟුම්බර කථා විලාශයන්). මේ සියල්ලටම “බුද,, දේව මණ්ඩලය කාරක වෙනවා.
මේ කෙලෙස් වලට ඇළුනාම තමයි ලූ “මල,, පිපෙන්නේ. මොනවා හරි භාණ්ඩයක් මල ඇල්ලුවොත් මොකද වෙන්නේ. ඒ මල ඇල්ලීම මුළු ඒ භාණ්ඩයම වෙලා ගන්නවා. එහෙනම් ඔබලා හොඳින් තේරුම් ගත යුතුයි මේ පද පේලියේ ව්‍යාංගාර්ථය. මේ නිසා මෙතන මල කියන්නේ පුෂ්පයකට නොවන බව දත යුතු ය. රාගය, මනස වෙලා ගන්නේ මොන ආකාරයටද යන්න එහි විග්‍රහ වෙනවා. ඒක හරියටම යකඩයක මලකඩ අවොත් ඒ මලකඩ මුළු යකඩයම වෙලා ගන්නවා වගේ කියලා තමයි ඉන් අදහස් වෙන්නේ. එහෙනම් හොඳින් තේරුම් ගත යුතු වෙනවා රාගයට හිත ඇලෙන්නේ යම් සේ ද? එය යකඩයට මල ඇල්ලුවා වාගේ බව ඉන් අදහස් වෙනවා. ඒක තමයි ඇත්ත. ඇලෙන කොට නම් හරි ජොලි ලූ. “ ඒක තමයි මල වට බමරිඳු නටන්න,, යනුවෙන් අර්ථ ගන්වා ඇත්තේ.
දැන් මේ ටික සිදුවනුයේ අර මුලින් කියු මාස් ශුද්ධියෙන් දින තුනකට පසුව යි.
මී ලඟට පැවසෙනවා “වැහි වැහැලා ගඟ පිරෙන්න,,
මෙහි ව්‍යංගාර්ථය වනුයේ වැහි වැහැලා හෙවත් සිකුරු නිවේදනය කරන ශුක්‍ර තරළයෙන් වක්කඩ හෙවත් යෝනිය හරහා ශුක්‍ර තරළයෙන් යෝනිය පුරවන බව ය.
මී ලඟට පැවසෙනවා “ගඟ උතුරා හිත පිරෙන්න…”
මෙහි ව්‍යංගාර්ථය වනුයේ කෙලෙස් නැමැති රාගයේ ඇති දැඩි ඇලීම නිසා ශුක්‍ර තරලයෙන් යෝනිය පුරවා සිත තෘප්තිමත් කර ගන්නා බව ය. දැන් මේ සියල්ලම සිදුවනුයේ මුළින් අල්ලා ගත් කෙලෙස් හෙවත් රාග සිතුවිලි සමග සිත තුල හටගත් තෘෂ්ණාව නිසා ගැටීමට යාම තුල සතුට කියා දෙයක් උපදවා ගන්නා බව ය. මෙම ගැටීම කුජ ග්‍රහ දේවතාවාගෙන් ක්‍රියාත්මක වන අතර කෙලෙස් හරහා උපදවන සතුට සිකුරුගෙන් නිවේදනය වනු ඇත.

දැන් මුල් පද පේලි දෙකටම වඩා වඩා වෙනත් රිද්මයකින් තමයි මෙම තෙවන පද පේලී කිහිපය ගැයෙන්නේ
“ගලා හැලෙන වැහි වතුර වගේ නුඹහිනාවෙයන් කළු හිනාවෙයන්වෙලා මගේ හිත ඉනාවකින් තවහිනාවෙයන් කළු හිනාවෙයන්……,,
“ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ හිනාවෙයන් කළු හිනාවෙයන්,,
මෙම පද පේලියේ ව්‍යංගාර්ථය වී ඇත්තේ “ ශුක්‍ර තරලය මුදා හරින කොට රාගය හෙවත් කෙලෙස් වලින් සිත තෘප්තිමත් වුනේ කෙලෙසද, ඒ ආකාරයෙන්ම රාගයෙන් හෙවත් කෙලෙස් වලින් මත් වී නැවත නැවත තෘප්තිමත් විය යුතු බව ය.,,
මී ලඟට කියවෙනවා,
“වෙලා මගේ හිත ඉනාවකින් තව,,
යනුවෙන් දක්වා එහි “වෙලා මගේ හිත,, යන්නෙන් ව්‍යංගාර්ථය වී ඇත්තේ අර මුළින් කියු රාගය හෙවත් කෙලෙස් වලින් මගේ හිත වෙලාගෙන ඇති බව ය.
“ ඉනාවකින් තව,, යනුවෙන් අර්ථ ගන්වා ඇත්තේ, තවත් “ඉනාවක්,, යනු බැම්මක් හෙවත් දරුවෙක් පිළිසිඳ ගත් බව ය. මෙකි ඉනාවෙන් උපන් දරුවා ගුරුගෙන් නිවේදකත්වය දක්වනු ඇත.
මීලඟට අවසාන පද පේලියෙන් කියවෙන්නේ
“වෙලා මගේ හිත ඉනාවකින් තව,, “හිනාවෙයන් කළු හිනාවෙයන්……,,
එක් රාග හෙවත් කෙලෙස් බැම්මක් අල්ලාගෙන තෘප්තීමත් වෙන්න ගිහින්, තවත් රාග බැම්මක් හෙවත් කෙලෙස් බැම්මක් වු දරුවෙකු ඉපදුන බව ය. එසේ නම් අවසානයේ හිනාවෙන්නේ සතුට නෙවෙයි “කළු,, යන ව්‍යංගාර්ථයෙන් සැගවුන කෙලෙස් හෙවත් දුක බව අප තේරුම් ගත යුතු ය. එය නිවේදනය වනුයේ වායු තත්වය නිවේදනය කරන සෙනසුරුගෙන් බව අප තේරුම් ගත යුතු ය.
මේ ගිතය තුලට කිමිදී මේ ආකාරයට විදර්ශනාව වැඩුවොත් මේ ගීතයේ අර්ථ රසය ජ්‍යොතිෂයට ගලපා ගත හැකි වනු ඇත.
ඇත්තෙන්ම මට අවශ්‍ය වුනේ ඔබට මේ ගීතයේ රසය විඳීමට උගැන්වීමට නොවන අතර මේ ගීතය තුල ගැබ් වී තිබුණ සොබා දහම තුලින් පිළිබිඹු වූ පරම සත්‍යතාවයන් ජ්‍යොතිෂයට ගලපා ගත යුතු ආකාරය සම්බන්ධව අවබෝධයක් ලබා දිමට ය.

සොබා දහම ජ්‍යොතිෂයට ගැලපීමේ අවශ්‍යතාවය කොපමණ වටිනවාද යන්න පහත සිදුවීම් හරහා තිර්ණය කළ හැකි වනු ඇත.

අපට ජ්‍යොතිෂයේ සියලු කටයුතු සිදුකර ගැනීමට වේලාව දැන ගත යුතු ය.
මේ වේලාව මැන ගැනීමට අද කාලයේ නම් අපට ඉතා දියුණු සුපිරි තාක්ෂණයෙන් යුතු නවීන ඔරලෝසු දකින්නට, භාවිත කරන්නට හැකි බව දනිමු.
නමුත් ඒ කාලේ වේලාව මැන ගත්තේ සොබාදහම උපයෝගී කරගෙන. ඉරේ සෙවනැල්ලෙන්, හඳේ හෙවනැල්ලෙන්, කෙහෙල් ගහේ බඩ ඇදෙන දිගට,
අද කේන්දර හදනකොට දේශාංශ, අක්ෂාංශ සොයා ගන්නවා. ඒවාට නවීන තාක්ෂණ ක්‍රමවේද තියෙනවා. එහෙනම් ඒ කාලේ මිනිස්සු දේශාංශ අක්ෂාංශ සොයාගත්තේ කොහොමද, ඒ සොයා ගත්තෙත් ඉරේ සහ හඳේ සෙවනැලි භාවිත කරලා.
නිල් කටරොළු මල විශ්ණු පූජාවට ගන්නා පුෂ්පයක්. ඒ මල තුල තියෙනවා සොබා දහමින් දුන්නු උත්පාදන ස්වරුප ය. රාගයෙන් මත් කරවනවා. සෙනසුරු පූජාවට නිල් කටරොළු මල් පූජා කරලා ස්තෝත්‍රයක් කියවනවා “ඌර්වාරුකමීව බන්ධනාත් මෘක්ෂීය මාම් මෘතාත් ඕම්,, සෙනසුරුගේ මාරක වලින් මා බේරා මාගේ ජීවන පැවැත්ම සුරැකලා දෙන්න කියලා කියනවා. ඉතින් ඒ නිල් කටරොළු මල තුල විශ්ණුගේ ශක්තිය සඟවලා තිබුණා. ඒ නිසා ඉදිරි පාඩම් වලදී තේරේවී ජ්‍යොතිෂයේ සියළුම නීතී රීති සහ සියලුම පාඩම් මේ සොබා දහම තුල පවතින න්‍යායන් හෙවත් පරම සත්‍යන් බව.

ඒ නිසා ආධුනික ඔබ ජ්‍යොතිෂ සිද්ධාන්ත හැදැරීමේ දී පැරණි සිද්ධාන්ත පොත්වල පවතින කරුණු හැකි තාක් සොබා දහමට ගලපා ප්‍රායෝගක භාවිතයට ගත හැකි ආකාරය ගැන අවබෝධයක් ලබා ගන්න.

මෙහි දෙවන කොටස ලෙසින් රාශි දොලොසේ නිර්මාණය සහ එකී ග්‍රහ දේවතාවන්ට රාශි හිමි වීමේ පදනම කුමක් ද යන්නත් රවිට සහ සඳුට එක් රාශියක් බැගින් පමණක් හිමි වීමට ද, අනික් ග්‍රහ දේවතාවන්ට රාශි දෙක බැගින් හිමි වීමට හේතුව කුමක් දැ යි යන්නත් ඉගෙන ගනිමු.