

මම
මම ජ්‍යොතිෂ ශාස්ත්‍රයට ආදරය කරන, මෙම විෂයට ගරුකරන, ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ උන්නතිය සහ පැවැත්ම වෙනුවෙන් කැප වී ක්‍රියාකරන අයෙක් මි.
මම සියල්ල දන්නා අයෙකු යයි සිතුවිල්ලෙන් ඉවත්ව තව තවත් මේ විෂය ගැන ඉගෙනීමට කරුණු ඉගෙනීම වෙනුවෙන් කාලය කැප කරමින් සිටින්නෙක්මි.
එමෙන්ම මම ඉගෙනගත් ජ්‍යොතිෂ විෂය කරුනු සම්බන්ධව පර්යේෂණ කටයුතුවල නියැලෙමින් මෙම විෂයේ ප්‍රායෝගිකත්වය ගවේශණය කරන්නා වූ අයෙක් ද, වන්නෙමි.
මීට අදාල වූ විෂය දැනුම දෙස් විදෙස් හී සිටින ගුරු ඇසුර ලබමින්, ඒ ගුරුවරුන්ගේ ගුරු උපදෙස් පිලිපදිමින්, එපමණක් නොව එම ගුරුවරුන්ගේ උපදේශයන් පරිදි ඊට අදාල වූ පැරණි මූල ග්‍රන්ථයන් පරිශීලණයකර දෛනිකව දැනුම පෝෂණය කර ගැනීමට වෙහෙස මහන්සිවී ජ්‍යොතිෂ විෂය වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට යොමුවූ අයෙක් වන්නෙමි.
තවදුරටත්...
කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් ප්‍රාථමික සහ උසස් අධ්‍යාපනය ජීව විද්‍යා අංශයෙන් හදාරා පාසල් අධ්‍යාපනය අවසන් කල මම ඉන් පසුව ඉලෙක්ට්‍රොනික විද්‍යාව සහ විදුලි කාර්මික ශිල්පය සම්බන්ධව විෂය බාහිර ක්‍රියාකාරකම් ලෙස හදාරා ඉන් උපාදිධරයෙකු වී ඒ ආශ්‍රිතව රැකියාවේ නියැලුන අතර 1994 වර්ෂයේ සිට වඩා ඇළුම්කල විෂයක් වූ ගුප්ත විද්‍යාව හා ජ්‍යොතීර් විද්‍යාව පිලිබඳ පොතපත පරීශීලනය කිරීම විනෝදාංශයක් කරගත්තෙමි.
මාගේ ජීවන ගමනත් සමග මෙම විෂයන් තුල තිබෙන ප්‍රායෝගික බව හඳුනාගත මම මෙම ගුප්ත විද්‍යාව සහ ජ්‍යොතිෂ ශාස්ත්‍රය විද්‍යාවක් සහ විෂයක් ලෙස හැදෑරීමට පෙළඹුනෙමි. 1995 වර්ෂයේ සිට දේශීය ගුරුවරු සහ පතපොත හැදෑරීම යටතේ ගුප්ත විද්‍යාව සහ ජ්‍යොතිෂ ශාස්ත්‍රය හැදෑරීමට පෙළඹුන මම 1999 වසරේ සිට ශ්‍රීලංකාවේ විවිධ ගුරුකුළ යටතේ ජ්‍යොතිෂය සහ ගුප්ත විද්‍යාවන් හැදෑරීමට පෙළඹුණ අතර 2001 වර්ෂයේ සිට දෙස් විදෙස් ගුරුකුල සහ ගුරුවරු මෙන්ම දෙස් විදෙස් පතපොත හැදෑරීමට යොමු වූ බව කිව යුතුව ඇත. ඉන් පසුව 2010 වසරේ සිට විවිධ ගුරුකුල යටතේ අධ්‍යනයකල ශාස්ත්‍රීය දැනුම ප්‍රායෝගිකව හා පර්යේෂණාත්මකව භාවිත කල යුතු ආකාරය ගැන හදාරමින් මෙම විෂය පථයට අදාල විදේශීය දැණුම සහ දේශිය පාරම්පරික දැනුම සම්බන්ධව ගවේශණයක නියැළුන අතර 2020 වසර වන මේවන විටද, මේ සම්බන්ධව පුළුල් ගවේශණයක යෙදෙමින් සිටිමි. ඒ අතර වේද ශාස්ත්‍රයත්, හින්දු දර්ශණයත්, බෞද්ධ දර්ශණයත් මෙම විෂය පථයට දක්වන සමානතා සහ අසමානතාද ගවේශණයට පෙළඹුණ මම එම දර්ශණයන් ප්‍රායෝගිකව හැදෑරීමට පෙළඹුණ අතර ඉතිහාසය තුල වැළලි ඇතී ශාස්ත්‍රීය දැනුම සොයා යෑමටද, විවධ ශාස්තෲවරුන් සහ ඒ අයගේ දර්ශණයන් හැදෑරීමටද, දැනට කාළය කැපකරමින් සිටිමි.
ශ්‍රී ලංකා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නැකත් කමිටුවේ සාමාජිකයෙකු ලෙසින් කටයුතු කරන මම යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යොතිෂය හා භූත විද්‍යාව සම්බන්ධව බාහිර කථිකාචාර්ය වරයෙකු සහ බාහිර දෙවන විභාග පරීක්ෂවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ජ්‍යොතිෂය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙසින් කටයුතු කර ඇත. දැනට අංක 71 ඒ, කැස්බෑව පාර, බොරලැස්ගමුව යන ලිපිනයේ ශ්‍රී ජයතු ලංකා ජ්‍යොතීර්විද්‍යා පර්යේෂණ ආයතනයේ අධිපති ලෙසින් කටයුතු කරමින් සිටිමි.
FAQ's
ප්‍රශ්න සහ පිළිතුරු
ජ්‍යොතිෂය කියන්නේ මොනවද?
ජ්‍යොතිෂය යනු ග්‍රහ / තාරුකාවත් / නක්ෂත්‍ර හා ආকাশගත තාරකා තත්ත්වයන් අනුව මනුෂ්‍ය ජීවිතයට ඇති බලපෑම්, එමඟින් සිදුවිය හැකි සිද්ධීන්, මනෝභාව, අනාගත මංමාවත් සහ තාවකාලික බලපෑම් විග්‍රහ කිරීමේ පරණ ආත්මීය විද්‍යාවක් ය.
මට ජන්ම පත්‍රය (Horoscope / Kundali) සකස් කරන්න පුළුවන්ද?
ඔව් — ඔබේ උපන් දිනය, වේලාව හා ස්ථානය (ජන්ම ස්ථානය) දැනගෙන, ශ්‍රී ජයතු ලංකාවේ පර්යේෂක/ජ්‍යොතිර්වේද කණ්ඩායම මගින් ඔබට දේශීය ශ්‍රී-ලංකා පද්ධතියට අනුකූලව (සිංහලෙන්) ජන්ම පත්‍රයක් සකසාදීමට පුළුවන්.
මගේ උපන් වේලාව හරි නොදන්නා විටද සේවාව ගත හැකිද?
මීට-පෙර වෙනත් ග්‍රහලෝක තොරතුරු (උදා : උපන් දිනය, උපන් ස්ථානය) හෝ ඔබගේ ජීවිත සිදුවීම් මඟින් — සමහර විට උපන් වේලාව හඳුනාගැනීමේ (rectification) ක්‍රම භාවිතා කළ හැක. එහෙත් උපන් වේලාව නිශ්චිත නම් වැඩි විශ්වාසදායක පත්‍රයක් ලබාගත හැක.
ජ්යොතිෂවෙදයෙන් මට වෘත්තිය, ආදර, විවාහ, සෞඛ්‍ය වැනි අවස්ථා අනාගතය දැනගත හැකිද?
ජ්‍යොතිෂය හරහා ඔබේ ජන්ම පත්‍රය අනුව ග්‍රහස්ථිති (planetary positions) සහ දශා (periods) විශ්ලේෂණය කිරීමෙන් — වෘත්තිය, ආදර, විවාහ, සෞඛ්‍ය, වාණිජ, අධ්‍යාපන වැනි ජීවන ක්ෂේත්‍ර සඳහා බලාපොරොත්තු සහ අන්වර්ථතා පිළිබඳ අදහස් ලබාදිය හැක.
ඔබගේ සේවාවන්/පාඨමාලා සඳහා ගෙවීම් සහ ඇනවුම් ක්‍රමය කොහොමද?
ඔබට අප වෙත විද්‍යුත් තැපෑල, දුරකථන හෝ අපගේ "Appointments" පෝරමය හරහා ඇනවුම් කළ හැක. ගෙවීම් ක්‍රම, සේවාව ලැබීමේ කාලය හා පිළිගැනීම පිළිබඳ විස්තර අප වෙබ් අඩවියේ සපයා ඇත — (ඔබට අවශ්‍ය නම් මෙම විස්තර FAQ එකේ ඒ ලෙස ඇතුලත් කළ හැක).
මගේ දත්ත (ජන්ම තොරතුරු, පත්‍රිකා, ප්‍රතිඵල) රහසිගත වේද?
ඔව් — ඔබ ලබාදෙන උපන් තොරතුරු සහ පරිඝණක/පත්‍රිකා සියල්ල කෙනෙකුට හෝ පාර්ශවයකට බෙදා නොදෙනු ලැබේ. ඔබගේ ගෝපිපනභාවය (privacy) අපගේ ප්‍රමුඛතාවේ පළමු ස්ථානයයි.
ජ්‍යොතිෂය විද්‍යාව පිළිබඳ පැරණි-ගුරු උපදේශයන්ට ඔබ ඇත්තේ කව්දද?
මා (ශ්‍රී ජයතු ලංකා අධිපතිවරයා) කීර්තිමත් ගුරු-කුලකට අයත් මනුස්සයෙක් වන අතර — දේශීය සහ ජාත්‍යන්තර ගුරු, පතපොත් සහ පුරාණ ක්‍ෂේත්‍රයන් යටතේ කල උගත් දැනුමක් සහ පර්යේෂණාත්මක පසුබැසීමක් මත ජ්‍යොතිර්වේදය පදනම් කරගෙන ඇත්තෙමි. (මෙම විස්තර ඔබේ “About Us” පිටුවේ ද පවතින අතර, FAQ එක තුළත් සාරාංශයක් ලෙස සඳහන් කළ හැක.)
GET IN TOUCH
Contact Us
Direct your questions, requests or bookings to Mr. Numinda using the below
Quick Reply
Usually in 24 hours in working days.
*Submitting your information, you consent to the terms of this Privacy Notice.




