අප ජීවත්වන විශ්වය හෙවත් අවකාශය තුල පවතින්නා වූ වස්තූන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කර දැක්විය හැකි ය. කෙසේ වෙතත් මෙම වස්තූන්ගේ බෙදා වෙන්කර දැක්වීම ජ්‍යොතිෂයේ දී සිදුකර ඇත්තේ අප ජීවත්වන පෘතුවියට සාපේක්ෂව බව දත යුතු විශේෂ කරුණක් වනු ඇත. අප ජීවත්වන මෙම විශ්වය හෙවත් අවකාශය තුල නිෂ්චලව පවතින වස්තූන් සහ චලනය වන වස්තූන් ලෙසින් මෙම වස්තූන් ප්‍රධාන කොටස් දෙකකට බෙදා වෙන්කර දැක්විය හැකි ය. මේ අකාරයට විශ්වය හෙවත් අවකාශය තුල නිෂ්චලව පවතින වස්තූන් “තාරකා,, හෙවත් “තාරා,, වස්තූන් ලෙසින් අර්ථ දක්වා ඇති අතර කිසිඳු චලනය වීමකින් තොරව විශ්වය හෙවත් අවකාශය තුල නිෂ්චලව පවතින මෙම තාරුකා කණ්ඩායම් ලෙස එකතු වි නැකත් තරු හෙවත් නක්ෂත්ර නිර්මාණය වී ඇත.
එම නක්ෂත්ර කිහිපයක් එකතු වී රාශි නිර්මාණය වී ඇත. ඊට අමතරව මෙම විශ්වය හෙවත් අවකාශය තුල චලනය වන වස්තූන් “ග්‍රහ,, ලෙසින් අර්ථ දක්වා ඇත. තව දුරටත් බැලීමේදී අප අවට පවතින මෙම විශ්වයේ පවතින්නා වූ මෙම චංචල වස්තූන් වූ “ග්‍රහ,, සහ නිෂ්චල වස්තූන් වූ “තාරා,, ප්‍රධාන වශයෙන් “ජ්‍යොතීර් භිම්භ,, හෙවත් “ජ්‍යොතීර් මණ්ඩල,, යන නමින් පරාශර සෘෂි වරයා හඳුන්වා දී ඇත. මෙහිදි ජ්‍යොති යනුවෙන් “ආලෝකය” යන අර්ථය ගෙනහැර දක්වා ඇති අතර “භිම්බ” යනු කිරණ පරාවර්තනය යන අර්ථය ගෙන හැර දක්වා ඇත.
අප ජීවත්වන මෙම විශ්ව අවකාශය තුල තාරකා විද්‍යාවට අනුව චලනය වන ග්‍රහ ලෝක ලෙසින් හැඳින්වෙන ආකාශ වස්තූන් විශාල ප්‍රමාණයක් දැකිය හැකි නමුදු පරාශර සෘෂිවරයා විසින් ජ්‍යොතිෂයේදී අර්ථ දක්වා ඇත්තේ මෙම ග්‍රහලෝක නොව “ග්‍රහ,, අර්ථය ගෙන දෙන ග්‍රහ මණ්ඩල වල ග්‍රහ කිරණ වන අතර නිෂ්චලව පවතින තාරකා නොව “තාරා,, වශයෙන් හැඳින්වෙන තාරකා මණ්ඩල බව අප හොඳින් අවබෝධ කර ගත යුතුව ඇත. මෙහිදි “ග්‍රහ,, යන වචනයේ අර්ථය අප ඉතා හොඳින් වටහා ගත යුතුව ඇත. ග්‍රහ යනු යම් කිසි දෙයක් අල්ලා ගැනීම, යම්කිසි දෙයකින් ආවරණය වීම, යමකට මුලා වීම යන අර්ථය නිරූපනය කරන අතර “තාරා,, යන්නේ අර්ථය යමකින් අලවා ගැනීම ය.
මේ අනුව යමක් තවත් යමකින් අලවා ගැනීම තුල අළුත් නිර්මාණයක් බිහිවනු ඇත. මෙසේ යමක් තවත් යමක් අලවා ගැනීම තුල බිහිවන අළුත් නිර්මාණ ලෞකික උත්පාදනයන් ලෙස පරාශර සෘෂිවරයා හඳුන්වා දී ඇත. මේ ආකාරයෙන් බිහිවන සෑම ලෞකික උත්පාදනයක් ම “ත්‍රිවිධ ගුණයකින්,, සහ “පංච භූත තත්වයකින්,, යුතු වන බව ද පරාශර සෘෂිවරයා පවසා ඇත. සෑම ලෞකික උත්පාදනයක් තුලම ඇති ත්‍රිවිධ ගුණය රජස්, තමස් සහ සාත්වික ලෙසින් බෙදා දක්වා ඇති අතර “රජස්” ගුණයෙන් අර්ථ කථනය වනුයේ යමක් වෙනුවෙන් ඇතිවන ඇලීම හෙවත් යමක් වෙනුවෙන් සිත තුල හටගන්නා ලෝභය යි. එලෙසම “තමස්” ගුණයෙන් අර්ථ කථනය වනුයේ අල්ලා ගත් යමක් වෙනුවෙන් ගැටීම නිසා උපදවා ගන්නා ද්වේශ සහගත තත්වයන් වන අතර “සත්ව” හෙවත් “සාත්වික” ගුණයෙන් අර්ථ කථනය වනුයේ යමක් වෙනුවෙන් ඇලීම සහ ඒ වෙනුවෙන් ගැටීමට යාම නිසා උපදවාගන්නා මෝහ සහගත බව ය. මේ අනුව අප හොඳින් තේරුම් ගත යුතු කාරණාවක් මේ තුල ගැබ් වී ඇත. එය මෙසේ පැහැදිලි කල හැකි වනු ඇත. යමක් තවත් යමක් වෙනුවෙන් අලවා ගැනීමට උපදවා ගන්නා ලෝභ මූලය හෙවත් රජස් ගුණය තුල උත්පාදනයන් ඇතිවන බව ද, එම උපදවා ගත් උත්පාදනයන් වෙනුවෙන් දක්වන ගැටීම නිසා ද්වේශ මූලයන් ද, එම බැඳීම් කෙරෙහි දක්වන ගැටීම නිසා මතුවන තමස් ගුණයන් නිසා එකී උත්පාදනයන් විනාශ මුඛය කරා යොමුවන බව ද, එමෙන්ම එකී උත්පාදනයට දායක වුන ලෝභ මූලය හෙවත් රජස් ගුණයට හෝ එම උත්පාදනය විනාශමුඛය කරා රැගෙන ගිය ද්වේශ මූලය හෙවත් තමස් ගුණය ට ප්‍රතිචාර දැක්වීමට යාම නිසා ඇතිකරගන්නා සාත්වික ගුණය තුල ජන්මීන් මෝහයට හෙවත් මෝඩකමට හසුවන බව ද, කිසිඳු ප්‍රතිචාරයක් නොදක්වන තත්වය තුල උදාවන උපේක්ෂා සහගත තත්වය හෙවත් සාත්වික ගුණය තුලින් මධ්‍යස්ථ බව හෙවත් මධ්‍යම ප්‍රතිපදාව නිවේදනය කරවන බවද අවබෝධ කර ගත යුතුව ඇත.
කෙසේ වෙතත් මනස තුල උත්පාදනය වන සියළුම ලෞකික උත්පාදනයන් ඉහත කී ත්‍රිවිධ ගුණයෙන් සහ පංච භූත තත්වයෙන් යුතු වනු ඇත. පංච භූත තත්වය පඨවි, ආපෝ, තේජෝ, ආකාශ සහ වායු යන කොටස් පහට හිමිකම් කියන අතර මෙම පංච භූත තත්වය ඉහත කී ත්‍රිවිධ ගුණය හා මුසු වීම තුල හෙවත් “ඒකීයත්වයක්,, හරහා සියළුම ලෞකික උත්පාදනයන් සිදුවන බව ද, මෙම පංච භූත තත්වයට ත්‍රිවිධ ගුණ එකතු වීම හරහා “ආත්මය,, හෙවත් “මම,, යන සංකල්පයක් ඇතිවන බවත් අප හොඳින් තේරුම් ගත යුතුව ඇත.
කෙසේ වුවද සත්‍ය තත්වය හෙවත් ලෝකෝත්තර තත්වය යනු නැවත උත්පාදනයකට හසු නොවීම ය. එනම් බැඳීමකට හසු නොවීම ය. මේ අනුව උත්පාදනයක් නොමැති ලෝකොත්තර හෙවත් සත්‍ය තත්වය තුල පංච භූත තත්වයන් ත්‍රිවිධ ගුණයට හසු නොවීම තුල තත්වයක් නොමැති, ගුණයක් නොමැති, තත්වය තුල උපතක් හෝ පැවැත්මක් හෝ විනාශයක් නොමැති කල්හී පංච භූත තත්වයනට කිසිඳු ආකාරයක හැඩ තලයක් හිමි නොවන හෙයින් “නිර්ගුණ,, හෙවත් “නිබ්බාණය” උදාවන බව අප තේරුම් ගත යුතු ය.
මේ අනුව අපට ජීවන ගමනේ දී සත්‍ය හෙවත් නිබ්බාණය අවබෝධ කරගැනීමට අපොහොසත් වනුයේ අපගේ මනස ඉහත කී පංච භූත තත්වයන් ත්‍රිවිධ ගුණයන් විසින් අල්ලා බැඳ ගැනීම, ආවරණය කර ගැනීම (කම්මාවරණ) තුල ඇතිවන ගැටීම නිසා මුලාවට හසුවීම නිසා බැවින්, මනස ඉහත කී පංච භූත තත්වයන් සහ ත්‍රිවිධ ගුණයන්ගෙන් ග්‍රහණය කරන නිසා ඉහත කී මේ ගුණයන් සහ තත්වයන් පරාශර සෘෂිවරයා විසින් “ග්‍රහ,, ලෙසින් අර්ථ දක්වා ඇත.
මෙකී පංච ගුණ තත්වයන් සහ ත්‍රිවිධ ගුණයන් බුද, සිකුරු, කුජ, ගුරු සහ සෙනසුරු විසින් නිවේදනය කරන අතර, මනස දෙපැත්තකට ඇද බැඳ තබන අන්ත දෙක වන ලෞකික බව සහ ලෝකෝත්තර බව සඳුගේ උදාවන සහ බැසයන ලක්ෂ දෙක වූ රාහු සහ කේතු වනු ඇත. මනස රාහුගෙන් භෝග මාර්ගය හෙවත් ලෞකික සිතුවිලි උත්පාදනයට ද, කේතුගෙන් සත්‍ය හෙවත් නිබ්බාණය හෙවත් මෝක්ෂය ටත් මනස රැගෙන යන බව පැහැදිලි කර ඇත. මේ නිසා පරාශර සෘෂි විසින් පවසා ඇත්තේ ජ්‍යොතිෂයට අදාල වනුයේ ග්‍රහ ලෝක වන ග්‍රහ වස්තූන් නොව එම ග්‍රහ වස්තූන්ගේ කිරණ හරහා ඇතිවන ප්‍රතිබිම්බ හෙවත් ග්‍රහ මණ්ඩල හෙවත් ග්‍රහ මණ්ඩල වලින් නිවේදිත පංච භූත තත්වයන් සහ ත්‍රිවිධ ගුණයන් බව “ග්‍රහ,, යනුවෙන් අපට පවසා ඇත.
සූර්යා සියලුම කරුනු කාරණා උදෙසා කේන්ද්‍ර ස්ථාන ගතව කටයුතු කරන බැවින් සූර්යා යනු ලෝකෝත්තර දැණුමෙන් හෙවත් ආලෝකයෙන් ආත්මය බබලවන අතර සඳු මනස නිවේදනය කරමින් ආත්මයට බැඳීම් ලඟා කරවනු ඇත. මෙසේ සඳු මනසට බැඳීම් ලඟා කරද්දී මනස දෙපැත්තකට ඇද බැඳ තබන අන්ත දෙක වන සඳුගේ උදාවන සහ බැසයන ලක්ෂ දෙක වූ රාහු සහ කේතු මනස, රාහුගෙන් භෝග මාර්ගය හෙවත් සිතුවිලි උත්පාදනයට ද, කේතුගෙන් සත්‍ය හෙවත් නිබ්බාණය හෙවත් මෝක්ෂය ටත් මනස රැගෙන යන බව පැහැදිලි කර ඇත.
තාරකා විද්‍යාව තුල කථා කරන ග්‍රහ ලෝක සහ ජ්‍යොතිෂයේ දි කථා කරන ග්‍රහ අතර වෙනස හඳුනා ගන්නේ කෙසේ ද?
මෙහි දී අප පළමුවෙන්ම පෘතුවියට ඉහලින් පවතින වායුගෝලයේ ස්ථරයන් ගැන අවබෝධයක් ලබා ගත යුතුව ඇත. පලමුව මා තාරකා විද්‍යාවට අදාලව වායුගෝලයේ පවතින මෙම ස්ථරයන් හඳුන්වා දෙන්නම්. ඉන් පසුව එම කරුනු කාරණා ජ්‍යොතිෂයට සම්බන්ධකර පෙන්වන්නම්. ඇයිද පවසනවා නම් මා කියන සමහර කරුනු ලියලා තේරුම් ගැනීමට අපහසු එහෙත් මනසින් අවභෝධකර ගත යුතු කරුනු පවතින බැවිණි. ඒ නිසා මෙය ඉතා අවබෝධයෙන් යුතුව නිරීක්ෂණය කර ඉගෙන ගත යුතු කාරණාවක් වනු ඇත. පෘතුවියේ මුහුදු මට්ටමේ සිට ආසන්න වශයෙන් කිලෝ මීටර් 10 ත් 12 ත් අතර ප්‍රදේශය පෘතුවියේ වායු ගෝලයට අදාලව පහලම ස්ථරය හෙවත් පරිවර්තී ගෝලය (Troposphere) වශයෙන් හඳුන්වනු ලැබේ. මෙම පරිවර්තී වායුගෝලයේ මුහුදු මට්ටමේ සිට උසම කඳු වැටිය වන එවරස්ට් කන්ද පිහිටා තිබෙනවා. එහි උස මුහුදු මට්ටමේ සිට මීටර් 9000 ක් හෙවත් ආසන්න වශයෙන් කිලෝ මීටර් 09 ක් විතර වනවා. මෙම පරිවර්තී වායු ගෝලයට අයත් මුහුදු මට්ටමේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර් 12 ක් අතර සීමාව තුල මගී ප්‍රවාහන ගුවන් යානා ගමන් කරන බව දත යුතු ය. මෙම වායුගෝලයේ පහලම ස්ථරය වූ පරිවර්තී ගෝලයේ මුහුදු මට්ටමේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 60 ක් හෙවත් සෙන්ටිග්‍රේඩ් අංශක 15.5 ක් වනු ඇත. කෙසේ වෙතත් මුහුදු මට්ටමේ සිට ඉහලට යත්ම එනම් මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 09 ක් 10 ක් ඉහලට යන විම මෙම පෘතුවියේ පහලම ස්ථරය වු පරිවර්තී වායු ගෝලයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 32 ක් හෙවත් සෙන්ටිග්‍රේඩ් අංශක 0 දක්වා අඩුවනු ඇත.
මී ලඟට මෙම පරිවර්තී වායුගෝලයට ඉහලින් එනම් මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 14 ත් 18 ත් අතර ප්‍රදේශය තුල තවත් සියුම් ස්ථරයක් පිහිටා ඇත. එය පරිවර්තී මණ්ඩලය (Tropopause) නමින් තාරකා විද්‍යාව තුල හඳුන්වා ඇත. මෙය ස්ථර දෙකක් වෙන්කර තබන මණ්ඩලයකි. මෙම මණ්ඩලය තුල ඝණ වලාකුළු, චණ්ඩ මාරුත, ජල චක්‍රය ආදිය ක්‍රියාත්මක වී ඇත. මෙම පරිවර්තී මණ්ඩලය ආරම්භ වන මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 14 ප්‍රදේශයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 32 හෙවත් සෙන්ටිග්‍රේඩ් අංශක 0 වන අතර මෙම පරිවර්තී මණ්ඩලය අවසාන වන මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 18 ප්‍රදේශයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක -80 හෙවත් සෙන්ටිග්‍රේඩ් අංශක -62.5 ක් වනු ඇත.
මී ලඟට මෙම පරිවර්තී මන්ඩලයට ඉහලින් එනම් මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 18 සිට කිලෝමීටර් 50 අතර ඊ ලඟ වායුගෝල ස්ථරය වූ ස්ථර ගෝලය හෙවත් අපරිවර්තී ගෝලය (Stratosphere) පිහිටා ඇත. මෙම අපරිවර්තී වායු ගෝලයේ ආරම්භය පවතින මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 18 ප්‍රදේශයේ දී උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක -80 හෙවත් සෙන්ටිග්‍රේඩ් අංශක -62.5 ක් වනු ඇති අතර මෙම අපරිවර්තී වායු ගෝලයේ අවසානය පවතින මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 50 ප්‍රදේශයේ දී උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 32 හෙවත් සෙන්ටිග්‍රේඩ් අංශක 0 ක් වනු ඇත. ඕසෝන් ස්ථරය (Ozone Layer) පවතිනුයේ ද මෙම අපරිවර්තී වායු ගොලයේ මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 40 ත් 50 ත් අතර ය. මෙම පරිවර්තී වායු ගෝලයේ විශේෂත්වය වනුයේ කාලගුණ විද්‍යා බැලූන, ජෙට් යානා ආදිය ස්ථාන ගත කර ඇත්තේ සහ ගමන් කරනුයේ මෙම ස්ථරය තුල ය. ජල චක්‍රයේ ක්‍රියාකාරීත්වයට ද අනෙකුත් ග්‍රහ වස්තූන්ගෙන් එල්ලවන අහිතකර කිරණවලින් ආරක්ෂාව ලබා දීමට ද, මෙම ස්ථරය බලපෑම් එල්ල කරන බව දැකිය හැකි ය.
මී ලඟට මෙම අපරිවර්තී ගෝලයට ඉහලින් එනම් මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 50 සිට කිලෝමීටර් 90 දක්වා ප්‍රදේශය තුල මධ්‍ය වායු ගෝලය (Mesosphere) පිහිටා ඇත. මෙම මධ්‍ය වායු ගෝලයේ ආරම්භය පවතින මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 50 ප්‍රදේශයේ දී උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 32 හෙවත් සෙන්ටිග්‍රේඩ් අංශක 0 ක් වනු ඇති අතර මෙම මධ්‍ය වායු ගෝලයේ අවසානය පවතින මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 90 ප්‍රදේශයේ දී උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක -121 හෙවත් සෙන්ටිග්‍රේඩ් අංශක -85 ක් වනු ඇත. මෙම ස්ථරයේ විශේෂත්වය වනුයේ උල්කාවන් පැවතිම ය. එපමණක් නොව පෘතුවියේ සිට සම්ප්‍රේෂණය කරන සියළුම ගුවන් විදුලි, රූපවාහිණි ආදි නොයෙකුත් තරංගයන් නැවත පෘතුවිය කරා හැරවීමේ හැකියාවක් මෙම ස්ථරයේ අවසානයේ පවතින මිලඟ ස්ථරය වන අයන ගෝලයට තිබීම ය.
මී ලඟට මධ්‍ය ගෝලයට ඉහලින් එනම් මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 90 සිට කිලෝමීටර් 480 දක්වා අයන ගෝලය හෙවත් තාප ගෝලය (Ionosphere) පිහිටා ඇත. මෙම මධ්‍ය වායු ගෝලයේ ආරම්භය පවතින මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 90 ප්‍රදේශයේ දී උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක -121 හෙවත් සෙන්ටිග්‍රේඩ් අංශක -85 ක් වනු ඇති අතර මෙම මධ්‍ය වායු ගෝලයේ අවසානය පවතින මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 480 ප්‍රදේශයේ දී උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 2732 හෙවත් සෙන්ටිග්‍රේඩ් අංශක 1500 ක් දක්වා වැඩිවනු ඇත. අරුණාලෝක කදම්භයන් මෙහි දැකිය හැකි අතර අභ්‍යවකාශ යානාවන් ද මෙහි ගමන් කරවනු ඇත.
මී ලඟට අයන ගෝලයට ඉහලින් එනම් මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 480 සිට කිලෝමීටර් 700 ක් දක්වා චුම්භක ගෝලය පිහිටා ඇත. මෙම චුම්භක ගෝලයේ ආරම්භය පවතින මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 480 ප්‍රදේශයේ දී උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 2732 හෙවත් සෙන්ටිග්‍රේඩ් අංශක 1500 ක් වනු ඇති අතර මෙම චුම්භක වායු ගෝලයේ අවසානය පවතින මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 700 ප්‍රදේශයේ දී උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 3632 හෙවත් සෙන්ටිග්‍රේඩ් අංශක 2000 ක් ඉක්මවනු ඇත. උඩුගුවනට යවන ලද චන්ද්‍රිකා කක්ෂ ගත කර ඇත්තේ මෙම චුම්භක ගෝලය තුල ය.
දැන ඔබට තාරකා විද්‍යාවට අදාලව පෘතුවියේ වටා ඉහලින් ඇති වායු ගෝලයේ සංයුතිය පිළිබඳව යම් අවබෝධයක් ලැබෙන්නට ඇත. දැන් මෙහිදී ඔබට අවබෝධකරගත යුතු කරුණක් පවතී. පෘතුවි වායු ගෝලයේ ඉහලම ස්ථරය වන චුම්භක වායු ගෝලයේ සිට ක්‍රමයෙන් පෘතුවිය ආසන්නයේ මුහුදු මට්ටම දක්වා ඇති වායු ස්ථරවලදී උෂ්ණත්ව වෙනස් වීම ගැන අවධානය යොමු කරන්න. දැන් ඉහලම ස්ථරයේ සිට පහල මුහුදු මට්ටම දක්වා එම වෙනස්වීම සිදුවන අනුපිළිවෙල බලමු.
වායු ස්ථරයේ නම උෂ්ණත්වය
01 චුම්භක වායු ගෝලය සෙන්ටිග්‍රේඩ් අංශක 2000 ඉක්මවනු ඇත.
02 අයන හෙවත් තාප ගෝලය සෙන්ටිග්‍රේඩ් අංශක 1500 කි.
03 මධ්‍ය ගෝලය සෙන්ටිග්‍රේඩ් අංශක – 85 කි.
ඕසෝන් ස්ථරය ඇත්තේ මේ ආසන්නයේය.
04 ස්ථර ගෝලය හෙවත් අපරිවර්තී ගෝලය සෙන්ටිග්‍රේඩ් අංශක -62.5 කි.
පරිවර්තී මණ්ඩලය ඇත්තේ මේ ආසන්නයේය.
05 පරිවර්තී ගෝලය හෙවත් පහල ස්ථරය සෙන්ටිග්‍රේඩ් අංශක 0 කි
06 මුහුදු මට්ටමේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 15.5 කි
දැන් මෙහිදි ඔබට දැකිය හැකි වනුයේ පෘතුවි වායු ගෝලයේ ඉහලම ස්ථරයේ උෂ්ණත්වය ඉතා වැඩි වී නැවත මුහුදු මට්ටද දක්වා යද්දී ක්‍රමක් ක්‍රමයෙන් උෂ්ණත්වය අවුවී නැවත සෘණ අගයන් සඳහා ද ගොස් නැවත මුහුදු මට්ටමෙදී නැවත ක්‍රමයෙන් වැඩිවන බව ය.




