Category Archives: විශේෂාංග

1500 ගණන් වල අඳින ලද හස්ත රේඛා ආශ්‍රෙයන් අනාවැකි කියන කාන්තාවකගේ චිත්‍රයක්

හස්ත රේඛාවේ ඉතිහාසය

සමුද්‍ර නම් ඍෂිවරයා විසින් ලොවට හඳුන්වා දෙන ලද සමුද්‍රක ශාස්ත්‍රය හෙවත් හස්ත රේඛා ශාස්ත්‍රය මේ වන විට ලොව බොහෝ දෙනෙකුගේ පිළිගැනීමට ලක්ව ඇත. අනාදිමත් කාලයක සිට පැවත එන මේ හස්ත රේඛා ශාස්ත්‍රය භාරත දේශයෙන් ආරම්භ විය. මෙම ශාස්ත්‍රය සමන්විතව ඇත්තේ සියලු රටවල පැරණි ශිෂ්ටාචාරයන්ගෙන් එක්කාසු කරනා ලද කරුණු වලිනි.  හිංදු වේදයේ මතයක් නම් මෙ‍ම ශාස්ත්‍රය ආරම්භ වූයේ ශ්‍රී විෂ්ණු විසින් ඊශ්වර දෙවියාගෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. Continue reading

කේ. එස්. ක්‍රිෂ්ණමූර්ති පඬිතුමා

ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය

ක්‍රිෂ්ණමූර්ති පඬිතුමා

‘ජ්‍යෝතිෂ මර්තන්ඩ’, ‘සෝතිධ මන්නන්’ කේ. එස්. ක්‍රිෂ්ණමූර්ති තුමා යනු ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය දැයට දායාද කළ ශ්‍රේෂ්ඨ ඉන්දීය ජ්‍යෝතිෂ්‍යයවේදියාය. ඔහු 1908 වර්ශයේ නොවැම්බර් 1 වන දින තිරුවයියාරු නැමැති ගමෙහි උපත ලැබුවේය. ඉන්දියාවේ තිරුචිරපල්ලී නගරයේ ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු රාජ්‍යය සෞඛ්‍යය සේවයට 1927 වර්ශයේ ජුලි  මස 14 දින දී එක්වූ අතර එම කාලයේදීම වේදීය ජ්‍යෝතිෂ්‍යය හා බටහිර ජ්‍යෝතිෂ්‍යය ශ්‍රාස්ත්‍ර හැදෑරීම ආරම්භ කලේය. එතුමාගේ ගුරු පියාණන් වන්නේ ජගන්ගුරු ශ්‍රී ශ්‍රී ශන්කරාචාර්ය ස්වාමිගල් තුමාය. රාජ්‍ය සේවයේ යෙදීමත් ජ්‍යෝතිෂය කටයුතු පිළිබඳව පර්යේෂණ කිරීමත් දෙකෙහිම යෙදීම අපහසු වූ හෙයින් 1960 දී එතුමා රාජ්‍ය සේවයෙන් ඉවත්ව මදුරාසියේ ජ්‍යෝතිර් විද්‍යා පර්යේෂණ ආයතනයට එක්ව ඉතා විශාල සේවයක් ජ්‍යෝතිෂය ක්ෂේත්‍රයට ඉටුකරන ලදී. Continue reading